Tuesday, 30 April 2013

Free video call recorder for skype

Skype calls record කිරීම සදහා සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාගත හැකි අපූරු වැඩසටහනක් තමයි “Free Video Call Recorder for Skype” කියන්නේ. මෙම වැඩසටහනේ interface එක වගේම බාවිතයත් බොහොම සරලයි. ඔබට කරන්නට තිබෙන්නේ ඔබට අවශ්‍ය පරදී Record mode එක හා ඔබට අවශ්‍ය folder එකක් Output folder එක ලෙස තෝරා “Start” button එක press කිරීම පමණයි. වීඩියෝ ඇමතුම් සංවාදය record වන අතර තුර සමහර අවස්ථා ඔබට record කරගන්නට අවශ්‍ය නැතිනම් “Pause” button එක ක්ලික් කර,  නැවත record කරන්නට අවශ්‍ය වූ විට start button එක ක්ලික් කර නැවැත්වූ තැන සිට ඇමතුම ඉදිරියට record කරන්න ඔබට පුළුවන්. record වෙන එක නවත්වන්න ඔබ “stop” button එක එබිය යුතුයි. Video call වලට අමතරව සාමාන්‍ය call එකක් එකක් උනත් Free Video Call Recorder for Skype බාවිතයෙන් ඔබට record කරගන්නට පුලුවන්. මෙහිදී වීඩියෝව record වෙනුයේ mp4 video format එකටයි. Audio calls record වන්නේ mp3 format එකටයි. එම file format දෙකම කිසිදු ගැටලුවකින් තොරව බොහොමයක් Audio/Video players සදහා සහය දක්වනවා.
http://adf.ly/P4ht1

No comments:

Post a Comment