Friday, 9 August 2013
මෘදුකාංගයක් පෝටබල් App එකක් බවට හරවමු.
පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කරවීමටනම් එම වැඩසටහන පරිගණකයකට install කර තිබිය යුතුය.නමුත් එය සාමාන්‍ය file එකක් මෙන් වෙනත් පරිගණකයකට ගෙනගොස් වැඩකළ නොහැක.මෙම ප්‍රශ්න සියල්ල මගහරවා ඕනෑම මෘදුකාංගයක් ඕනෑම පරිහ්ගනකයකට ගෙන ගොස් වැඩකලහැකි වැඩසටහනක් බවට පත් කල හැකි ක්‍රමයක් තිබේ.එනම් එය පෝටබල් app එකක් බවට හැරවීමය.
මෙම පෝටබල් app pen drive එකක වුවද රදවාගෙන වෙනත් පරිගණකයකට එම මෘදුකාංගය install නොකර එය ක්‍රියාත්මක කලහැක.
එහෙනම් අද අපි බලමු මෘදුකාංගයක් පෝටබල් app එකක් බවට පත් කරන හැටි.එහෙනම් පහල තියන link එකට ගිහින් Cameyo කියන softwere එක download කරගන්නකො.
Click Hear To Download Cameyo
මෙම softwere එක පරිගණකයට install කිරීමට අවශ්‍ය නැත.download වූ file එකමත click කල පමණින් ඇප්ලිකේෂන් වින්ඩෝ එක මතුවේ.
එහෙනම් දැන් වැඩේ පටන්ගමු.
1.දැන් පහත පරිදි ඇප්ලිකේෂන් වින්ඩෝ එකේ Capture app locally යනතැන ඇති camara icon එකට click කරන්න.
2.ඉන් පසුපහත රුපයේ පරිදි pakager නම් වින්ඩෝ එකක් මතුවේ.මෙම අතරතුරදී අලුත් වැඩසටහන් install කිරීම හෝ ක්‍රියාත්මක කරවීම නොකළ යුතුය.
3.එය අවසන් වූ පසු පහත පරිදි වින්ඩොව් එකක් විවුර්ත වේ.
4.දැන් ඔබට අවශ්‍ය මෘදුකාංගය install කල යුතුය.
5.මෘදුකාංගය install කිරීමෙන් පසුව පහත පරිදි install done නම් ස්ථානයේ click කල යුතුය.
6.ඉන් පසු පහත පරිදි වින්ඩොව් එකක් මතුවේ.
7.ටික වෙක්ලාවකට පසු package was successfully created in නම් වින්ඩොව් එකක් මතුවේ.දැන් ඔබගේ පෝටබල් app එක සැදී අවසන් ය.එයවෙතයාමට.පහත පරිදි click කරන්න
8.දැන් ඔබට එම පෝටබල් app එක දැකගත හැක.එය pen drive එකක රදවාගෙන වෙනත් පරිගණකයකට වුවද install නොකර ක්‍රියාත්මක කලහැක.
අදට එහෙනම් මම ගියා.
මගේ FB page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. https://www.facebook.com/SoftweresGamesAndTricks
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment